මුද්‍රණය සඳහා

 
මාළු ලොරියක් සහ එහි අයිතිකරු පැහැර ගත්තා යැයි වරද පිළිගත් දෙදෙනකුට දඬුවම් නියම කිරීම කල් තබයි

මාළු ලොරියක් සහ එහි අයිතිකරු පැහැර ගත්තා යැයි වරද පිළිගත් දෙදෙනකුට දඬුවම් නියම කිරීම කල් තබයි

රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා මාළු ලොරියක් සහ එහි අයිතිකරු (මාළු මුදලාලී) පැහැරගෙන ගොස් ඔහු ළඟ තිබූ රුපියල් දෙලක්ෂ අසූ හතර දහසක මුදල් රැගෙන පලාගිය තිදෙනකුගෙන් දෙදෙනෙක්ට දඬුවම් නියම කිරීම පසුවට කල් තැබිණි. මේ තිදෙනාගෙන් දෙදෙනකු වරද පිළිගත් හෙයින් පාණදුර මහේස්ත්‍රාත් ආර්.එස්.ජී. දිසානායක මහතා විසින් එසේ දඬුවම් නියම කිරීම පසුවට කල් දමන ලදි.

එදිනට ඔවුන්ගේ පෙර වැරැදි වාර්තාද අධිකරණය හමුවට කැඳවන ලෙස නියෝග කෙරිණි.

පාණදුර පොලිසිය විසින් එම සැකකරුවන්අත්අඩංගුවට ගෙන 11 - 01 - 2012 දින අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පාණදුර පොලිසියේ අපරාධ අංශයේ සැරයන් එදිරිසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ විත්තිකරුවන් පැහැරගත් මාළු ලොරිය සහ මුදලාලි අතරමඟ දමාගොස් සිටියදී පොලිසිය සොයාගත් බවය.

වෙනත් හොර කමක් ගැන සැකකරුවකුගෙන් ප්‍රශ්න කරද්දී මේ සැකකරුවන් තිදෙනා ගැන තොරතුරු සොයාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගත් බවද සැරයන්වරයා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]