පාණදුරේ ඇතැම් කම්හල්වලින් කෝටියක මුදලක් අර්ථසාධක අරමුදලට ලැබී නැතැයි පැමිණිලි

පාණදුරේ ඇතැම් කම්හල්වලින් කෝටියක මුදලක් අර්ථසාධක අරමුදලට ලැබී නැතැයි පැමිණිලි

පාණදුර කර්මාන්තපුරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට මෙන්ම වෙනත් ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට අයත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අර්ථසාධක අරමුදලට බැරකර නොමැති බව පාණදුර සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ලැබුණු පැමිණිලි මත දැනටමත් පරීක්‍ෂණ පවත්වා අදාළ කර්මාන්තශාලාවල අධ්‍යක්‍ෂ මණ්ඩලවලට සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරුන්ට කම්කරු ආඥා පනත යටතේ නඩු පැවරීම ආරම්භ කර ඇත.

එසේ පැවරූ නඩුවක වගඋත්තරකාර සමාගමට පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විසින් රුපියල් එක්ලක්‍ෂ විසිඑක්දහස් එකසියයක දඩයක් නියම කරන ලදී.

බොහෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවල අධ්‍යක්‍ෂ මණ්ඩල අර්ථසාධක අරමුදල් ගෙවීමෙන් වැලකී සිටීමට අධ්‍යක්‍ෂ මණ්ඩල මාස හයෙන් හයට වෙනස් කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා අදාළ කර්මාන්ත ශාලාවලට ගොස් කම්කරු නිලධාරීන් දැඩි පරීක්‍ෂණයක් කර අදාළ අධ්‍යක්‍ෂ මණ්ඩලවලට නඩු පැවරිය යුතු බව අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා