ලොරියක් නිදහස් කරන්න අල්ලස් ගත් තිස්ස පොලිසියේ 2ක් අත්අඩංගුවට

ලොරියක් නිදහස් කරන්න අල්ලස් ගත් තිස්ස පොලිසියේ 2ක් අත්අඩංගුවට

නඩු භාණ්ඩ වශයෙන් තිස්සමහාරාම අධිකරණයේ ඇති ලොරි රථයක් සහ වෙනත් උපකරණ කීපයක් නිදහස් කර දීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ සිවිල් දෙදෙනෙක් ඇතුළු සිවු දෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් සැරයන් වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙසේ අත්අඩංගුවට පත් වී ඇත. හොරට ගස් කපා ප්‍රවාහනය කළ පුද්ගලයකුට අයත් ලොරි රථය ඇතුළු උපකරණ නිදහස් කරදීමට මෙසේ අල්ලස් ලබාගෙන ඇත. සැකකරුවන් ඊයේ තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා