ඊජිප්තුවේ පාපන්දු තරගයක් අවසානයේ

ඊජිප්තුවේ පාපන්දු තරගයක් අවසානයේ

ඊජිප්තුවේ පෝට් නගරයේ පෙරේදා පැවති පාපන්දු තරගයක් අවසානයේ ප්‍රතිවාදී පාපන්දු ලෝලීන් අතර ඇතිවු ගැටුමකින් 74 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් සියගණනක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ .ලෝක පාපන්දු සම්මේලනය මෙය පාපන්දු ලෝකයේ අඳුරු දිනයක් ලෙස නම්කර ඇත.

ක්‍රීඩා ඉතිහාසයේ දරුණුම සිද්ධියක් වන මෙහිදී කයිරෝවේ අල් ආලි පිල හා පෝට් නගර අල් මසාරි පිල අතර පැවති තරගය 3-1 වශයෙන් මසාරි පිල ජයග්‍රහණය ‍කළේය. තරගය අවසාන කරමින් විනිසකරු නලාව පිඹීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹී තිබේ .

අල් මසාරි ලෝලීන් වහා ක්‍රීඩා පිටියට කඩා පැන අල් ආලි පිලේ සහායකයන්ට ගල්මුල් බෝතල් හා රත්ඤ්ඤා වලින් පහරදීමෙන් මහා වියවුලක් හටගත්අතර ආලි පිලේ සහායකයන් ඒවායින් බේරීමට පලා යමින් හිස් ලූ ලූ අත දිවගොස් ඇත. අන්තර්ජාලයේ ලේපෙරාගත් ක්‍රීඩකයන් ගේ ඡායාරූප දැක්වි තිබේ . කයිරෝ වේ සිට පෝට් නගරයට යොමුවුණු ප්‍රධාන මාර්ගය දෙසින් වෙඩිහඬ ඇසී ඇති අතර ගැටුම් පැතිර යාම වැලැක්වීමට හමුදාව යොදවා තිබේ. ගැටුමේන් මියගිය 74 දෙනා අතර පොලිස් භටයකු සිටින බව පැවසේ .

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බොහෝ දෙනකු මියගොස් ඇත්තේ තැලී පොඩිවී හිරවීමෙන් බවය. තවත් සමහරකු පිහි පහරවලින් ලත් තුවාලවලින් මිය ගොස් ඇතිබවද සඳහන් ය .මෙහිදී තුවාල ලත් සංඛ්‍යාව 1000 ක් පමණ බව රාජ්‍ය රූපවාහිනියෙන් පැවසුනද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එය 248 ක් බව කියා ඇත.

ආරක්ෂක තත්ත්වයේ පවත්නා දුර්වලතාව හේතුවෙන් රට පුරා දේශපාලන අරගල පැන නැඟී තිබියදී ඇතිවූ මේ අරගලය,පාලනයෙන් නෙරපා හැරුනු හොස්නි මුබාරක් සහායක මුස්ලිම් සහෝදරත්වය විසින් ඇති කරන ලද්දක් ලෙස කියැවී ඇත.

අරගලයත් සමග නගරයේ කඩ සාප්පු සියල්ල වැසීගිය අතර පෞද්ගලික රථවලින් තුවාල කරුවන් රෝහල් කරා ගෙන ගොස් තිබේ.

පොලිස් බලඇණි පේළි ගැසී රැකවල් ලා සිටිය දී ඔවුන් ආසන්නයේ ම ගැටුම් හටගන්නා අයුරු රූපවාහිනියෙන් දැක්වී ඇත.

සිද්ධියෙන් පසු 47 දෙනකු අත්අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියා තිබේ.ඒ සමගම චෝදක නිලධාරියා විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා