ජාතික සංවර්ධනයේ අනාගත පෙර දැක්ම දැයට කිරුළ

ජාතික සංවර්ධනයේ අනාගත පෙර දැක්ම දැයට කිරුළ

තිස් වසරක රුදුරු ත්‍රස්තවාදයේ ශාපයෙන් සියලු අපේක්ෂාවන් සිඳී බිඳී ගිය යුගයක් අවසන්ව, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් ලද ජයග්‍රහණයේ ප්‍රතිලාභය මුළු මහත් ශ්‍රී ලාංකීය දේශයේ පොදු මහජනතාව වෙත ලැබෙමින් පවතින මේ මොහොතේ සංවිධානය වන මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය, මුළු මහත් ශ්‍රී ලාංකීය දේශයටම අති මහත්වූ වැදගත් සංධිස්ථානයක් සටහන් කරනු නොඅනුමානය.

ඉපැරැණි ස්වයංපෝෂිත වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානවත් ප්‍රෞඩත්වයේ අභිෂේකය ලබන්නට පදනම දැමූ වැව් බැඳී රජරටට නව යුගයක් උදා කරමින් මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය සංවිධානය වීම මුළු මහත් ජාතියටම ආඩම්බරයකි. අභිමානයකි.

ආසියාවේ ආශ්චර්යය කරා ශීඝ්‍රයෙන් පියනගන මාතෘ භූමියේ පොදු මහජනතාවගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු ඉටු කරනු වස් , මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මේ වනවිට දැවැන්ත සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවෙමින් පවතී. ජාතික සවිය ගම නැඟුම වැඩසටහන ඔස්සේ ඈත ගම් නියම් ගම් සිසාරා සංවර්ධනයේ අරුණළු විකසිත වෙද්දී ආර්ථිකයෙන් සවිමත් පවුලක් බිහි කිරීමේ අරමුණින් රට පුරා දිවි නැඟුම වැඩසටහන ක්‍රියාවට නංවෙමින් පවතී. එවන් වූ සංවර්ධන වැඩසටහනක අනාගත සැලසුම් හා ඉලක්ක පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය වන දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා දැවැන්ත සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

2007 වර්ෂයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සංකල්පයකට අනුව ඇරඹූ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය 2007 , 2008,2009 වර්ෂවලදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආශ්‍රිතව සංවිධානය විය. ජාතියේ අභිමානය මුළු ලොව පුරා ගෙන යමින් සංවිධානය වූ මෙම ප්‍රදර්ශනය 2010 වර්ෂයේ මුල් වරට කොළඹින් පිටත මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලෙකැලේදී සංවිධානය වූයේ කොළඹට පමණක් සීමා වූ සංවර්ධනයේ අරුණළු මුළු රට පුරාම විහිදෙන සුබ පෙර ලකුණු ජනිත කරමිනි. 2010 වර්ෂයේ පටන්ම දැයට කිරුළ ප්‍රදර්ශනය හුදෙක් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොවූ අති දැවැන්ත සැලසුම්ගත සංවර්ධන ක්‍රියාන්විතයක අග්‍රඵලය බවට පත්වෙමින් සංවිධානය වන්නට විය. 2011 වසරේදී ;මාණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් සංවිධානය වූ දැයට කිරුළ ප්‍රදර්ශනය ඒ අතිමහත් වූ සියලු සුබවාදී මං සලකුණු ජාතියට තිළිණ කළ එකක් විය. ජාතික තලයේ සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට විකාශය වීමේ ගමන් මඟ අර්ථ ගන්වමින් මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය සංවිධානය වන අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඉතිහාසයේ කිසිදා නොවූ විරූ තරමේ අති දැවැන්ත සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ යටතේ අනුරාධපුර දිස්ත්‍රිත්කයේ ග්‍රාමීය මාර්ග ඇතුළුව සියලුම මාර්ග පද්ධතිය නවීකරණය කොට ඇති අතර උතුරු මැද පළාත තුළ සියලුම මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කෙරෙමින් පවතී. ඒ අතර ග්‍රාමීය ජන ජීවතය නඟාසිටුවීම හා සංස්කෘතිකමය හා සමාජීය ප්‍රබෝධයක් අති කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහාද ප්‍රමුඛත්වය ලැබී ඇති අතරම, අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සෑම අංශයකම කැපී පෙනෙන සංවර්ධනයක් දිස් වේ.

මේ සඳහා රජයේ සියලුම රාජ්‍ය ආයතන මෙන්ම රජය හා එක්ව කටයුතු කරන ලබන සංවිධාන රැසකම දායකත්වය සැලැස්මකට අනුව ගොනුකොට ගෙන ඇති අතර ඒ තුළින් ලැබෙන්නා වූ අතිමහත් වූ ප්‍රතිලාභ ප්‍රදේශයේ පොදු මහජනතාවට සෘජුවම ලැබීමට අවශ්‍ය පසුබිම සකස් කොට තිබේ. අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත ගම් නියම් ගම් සිසාරා පොදු මහජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම ආර්ථික මට්ටම තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් කුඩා ව්‍යවසායකයින්, කුඩා කර්මාන්තකරුවන් සවිබල ගැන්වීම හා ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීම හා ඔවුන් වෙත තාක්ෂණික දැනුම ලබා දීම සඳහාද වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත.

යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ජාතික මට්ටමේ සේවාවන් ප්‍රාදේශීයව පොදු මහජනතාව වෙත ලබා දීමේ පහසුකම් සංවර්ධනය සඳහාද ඉලක්කගත වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ. මේ තුළින් පොදු ජනතාවගේ ගැටලු අවම කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළ නංවීමට අවස්ථාව සැලසෙමින් පවතී. දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇති අතර ඒ තුළින් තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ දරු පරපුරක් ජාතියට බිහි කරන්නට ඉඩ ප්‍රස්ථාව සැලසේ.

සියලු සංවර්ධන කාර්යයන් ඉටු කෙරෙන අතරතුර රජයේ සංවර්ධන සැලැස්ම හා වැඩපිළිවෙළ පිළිබඳව පොදු මහජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසීම දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයෙන් ජාතියට ලැබෙන්නා වූ මහඟු දායාදයකි. ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරන දේශයේ අනන්‍යතාවය රැකගනිමින් නව ලොව වෙත පියනැඟීමට අනාගත සැලසුම් සකස් කිරීමේ දී එය මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.

දැයට කිරුළ ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකීය දේශයේ අනන්‍යතාවය හා සැලසුම්ගත සංවර්ධන වැඩසටහන් තුළින් ඇතිවී ඇති පිබිදීම ලෝකයට විදහාපෑමට අති මහත් වූ මහඟු අවස්ථාවක් සැලසී ඇති අතර ඒ තුළින් විදේශ ආයෝජකයන්ට අප රටට පැමිණීම සඳහා සුබවාදී ආකල්පයන් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මංපෙත විවර වේ.

ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියද දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දිවි නැ¼ගුම ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය දක්ෂිණ ප්‍රදේශය පුරා ක්‍රියාවට නංවනු ලබන ගෘහ ආර්ථික ඒකක පහළොස්දහසක් ගොඩනැඟීමේ වැඩසටහන පිළිබඳව ජාතිය දැනුවත් කිරීම සඳහා අවශ්‍යය කටයුතු සූදානම් කොට ඇති අතර , දිවි නැඟුම වැඩසටහන යටතේ මූලික අංගයක් වූ ගෘහස්ථ ආර්ථිකය නැංවීම සඳහා ගෙවත්ත නිර්මාණය හා කුඩා ව්‍යාවසායකත්ව සංවර්ධනය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති අතර ඒ තුළින් මහජනතාව වැඩි වශයෙන් ඒ සඳහා යොමු කොට ගැනීමද අරමුණු කොට ඇත. ඒ යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ දිවි නැඟුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ගම නැඟුම වැඩසටහන ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ද අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇත.

ජාතික සංවර්ධනයේ මහත් වූ ප්‍රතිලාභ දේශයේ මතු අනාගතය වෙනුවෙන් මනා පෙර දැක්මකින් යුතුව නිවැරැදි ගමන් මඟක යොමු කොට ගොඩනැගෙන ආශ්චර්යයේ දේශයට දැයට කිරුළ සුබ පෙර මඟ ලකුණක් වනු නොඅනුමානය.