නිදහස අර්ථවත් වන්නේ සාමය සමඟින්
සංවර්ධනයේ අරුණැල්ල උදා වූ විටයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2012 පෙබරවාරි 06 දින යාපනයේ දී.




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ධීවරයන් මුදාගන්න පියවර ගන්නවා

ධීවර ඇමැති මැතිසබේ දී කියයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවී සිටින ශ්‍රී ලාංකික ධීවර පිරිස බේරා ගැනීම සඳහා මැදිහත්කරුවන් මාර්ගයෙන් කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය. මෙම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් මුහුදු කොල්ලකරුවන් සිටින ස්ථාන නිශ්චිතව හඳුනාගත නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එහෙත් කොල්ලකරුවන්ගේ . . .

විස්තර »

විදෙස් අත්අඩංගුවේ තිබූ ධීවර යාත්‍රා 164ක් මගේ කාලෙදී බේරා ගත්තා

විදෙස් රටවල අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 170කින් 164ක්ම තමා ධීවර ඇමැතිවරයා වශයෙන් සිටියදී නිදහස් කරගත් බව සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා පැවැසීය. සෝමාලියානු කොල්ලකරුවන් විසින් අත්අඩංගුවට ගත් ධීවරයන් පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. ස) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දුන් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ධීවරයන් 63 දෙනකු මුහුදු සීමා උල්ලංඝනය කිරීම යටතේ විදේශීය අත්අඩංගුවට පත්වූ බවද තමන් ධීවර ඇමැති වූ පසු ඔවුන් නිදහස් කරගත් බවද සඳහන් කළේය.

විස්තර »

සෑම ග්‍රාම නිලධාරි වසමකටම 
රු. ලක්‍ෂ දහයක්

ගම නැගුම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ දහයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්ව සිටින පළාත් පාලන ආයතන නියෝජිතයන් හට මේ මුදල් ප්‍රතිපාදන ලබාදෙන බව අගමැති දි. මු. ජයරත්න මහතා පැවැසීය. මේ වන විට පළාත් පාලන නියෝජිතයන්ගෙන් යෝජිත ව්‍යාපෘති වාර්තා කැඳවමින් සිටින බවත්, ඊට අදාළ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීවේය. යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ කැමැත්තට මූලිකත්වය දෙන ලෙස ඒ මහතා පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

විස්තර »

කවුරුන් බලයට ආවත්

මාලදිවයිනට දිගටම ශ්‍රී ලංකාවේ සහාය

කවුරුන් බලයට පැමිණියද ලක් රජය තවදුරටත් මාලදිවයිනට සහයෝගය ලබාදෙන බව රජය අවධාරණය කරයි. සමීප මිතුරෙකු වශයෙන් මාලදිවයිනේ සාමය ස්ථාපිත කිරීම, සශ්‍රීකත්වය සහ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ඉදිරියටත් ලබාදෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මාලදිවයිනේ සිදුවන දේශපාලන වෙනස්වීම් එහි අභ්‍යන්තර කටයුත්තක් ලෙස පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය දැනට පවතින වෙනස්කම සාමකාමී තත්ත්වයක් තුළ විසෙඳනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බවද කියා සිටී.

විස්තර »

රාගම මිනීමරු කිඹුලා අල්ලයි

රාගම වනාතේ ප්‍රදේශවාසීන් මහත් භීිතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” තරුණයකු විසින් අටවන ලද උගුලකට ඊයේ 08 දා උදෑසන හසුවී තිබුණි. පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් තිබූ මේ කිඹුලා, ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණි.

විස්තර »

සෙවණගල දොස්තර ඇතුළු පවුලේ අයට වෛද්‍ය පරීක්ෂාවක්

සෙවණගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි චාමින්ද විතාරණ, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට පෙරේදා (07) සවස ඇතුළත් කර තිබේ. සෙවණගල රෝහලේ සුළු සේවකයකු විසින් වෛද්‍යවරයාගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා මෙලෙස වෛද්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙසේ රෝහල් ගතකර ඇත.

විස්තර »

නෙළුම්පොකුණ රඟහල භාවිත කිරීමේදී නාට්‍යකරුවන්ට මතුªවී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (08) පැවැත්විණි. සිංහල, දෙමළ, ඉංග්‍රී‍්‍රිසි මාධ්‍යයන්ගෙන් නාට්‍ය කලාවේ නිතරවන කලාකරුවන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර, නාට්‍ය නිෂ්පාදන වෙනුවෙන් නිෂ්පාදන භාරයක් ආරම්භ කිරීමට ද ඒ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කිරීමට ද මෙහිදී තීරණය විය. ජනාධිපතිවරයා හා කලාකරුවන් සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු.
ඡායාරූපය - චන්දන පෙරේරා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
දුම්රිය වර්ජනය නිමවිය හිටපු ගමන්
ගිය හැටි අගෙයි - ගරු ඇමැතිට සිරස නමන්
“උද්ඝෝෂණ” කරති සමහරු නොමඟ යොමන්
හොඳ නම් හොඳයි - ඔය විදියට ඔහොම යමන්!