‘ගාමණී’ නැරැඹූ නාමල් ගෝනගල නංවයි

‘ගාමණී’ නැරැඹූ නාමල් ගෝනගල නංවයි

අම්පාර ගෝනගල ගම්මානයේ මං මාවත්, පාසල්, විද්‍යාගාර, ක්‍රීඩාපිටි මෙන්ම යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මඟ නැ¼ගුම ව්‍යාපෘතිය මඟින් මේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබේ.

ගාමණී චිත්‍රපටිය නැරඹීමෙන් පසු රාජපක්ෂ මහතා මේ ගම්මානය කඩිනමින් සංවර්ධනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

මීට අමතරව එම ගම්මානයේ සෑම නිවසකටම විදුලිය හා ජලය ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් වීරසේකර මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා