ඇමැති කෙහෙළිය හොඳ සුවෙන්: මහනුවර ජනතාව පින්කම් පවත්වති

ඇමැති කෙහෙළිය හොඳ සුවෙන්: මහනුවර ජනතාව පින්කම් පවත්වති

ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ තත්ත්වය අසාධ්‍ය බවට ඇතැම් විද්‍යුත් මාධ්‍ය හා වෙබ් අඩවි ගෙන යන ප්‍රචාර ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර හෝටලයකදී හදිසි අනතුරකින් තුවාල ලැබූ ඇමැතිවරයා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පැවසේ.

ඇමැතිවරයාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ ආබාධයට ප්‍රතිකාර ලබාදීම පිණිස ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී ඇමැතිවරයා මේ අනතුරට ලක්විය.

ඇමැතිවරයා පෙරේදා (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් 07 වැනිදා සිදුවූ අනතුර හේතුවෙන් සැත්කම් 2 ක් සිදුකොට තිබේ. මේ අතර රඹුක්වැල්ල මහතාට ඉක්මන් සුවය පතා මහනුවර දිස්ත්‍රික් ජනතාව ආශීර්වාද පින්කම් පවත්වති.

කුණ්ඩසාල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා ද වන රඹුක්වැල්ල මහතාට සෙත්පතා ඇමැතිවරයා අනතුරට පත් වූ දා පටන් කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ විහාරස්ථාන රැසක බෝධි පූජා හා සෙත් පිරිත් වැඩසටහන් රැසක් පැවැත්විණි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ සහ තිලක් රාජපක්‍ෂ මහත්වරුන් විසින් ඇමැතිවරයාට සෙත්පතා සංවිධාන කරන ලද බෝධි පූජා පින්කම් මාලාව සතියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා