මුද්‍රණය සඳහා

 
සෞදියේ දී මියගිය සුසිලා වෙනුවෙන් විදේශ සේවා කාර්යාංශයෙන් වන්දි

සෞදියේ දී මියගිය සුසිලා වෙනුවෙන් විදේශ සේවා කාර්යාංශයෙන් වන්දි

සෞදි අරාබියාවේ සේවය කරමින් සිටිය දී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකා සුසිලා ප්‍රේමලතා මාරසිංහ මහත්මිය වෙනුවෙන් ඇයගේ යැපෙන්නන් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා වන්දි මුදල් පිරිනැමීය.

ගෘහ සේවිකාවක වශයෙන් සෞදි අරාබියාවේ සේවය කරමින් සිටි දී මියගිය මේ ශ්‍රී ලාංකික කාන්තාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. රුපියල් ලක්ෂ 4ක මුදලක් වන්දි වශයෙන් මෙහිදී පිරිනමා තිබෙන අතර එම මුදල විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රදර්ශන භූමියේ දී ප්‍රදානය කෙරිණි.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ මෙ ප්‍රදර්ශන භූමිය මඟින් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, සාමාන්‍යාධිකාරී නීතිඥ හරිස්චන්ද්‍ර බටගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කල්‍යාණී හේරත් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]