සෑම ග්‍රාම නිලධාරි වසමකටම  රු. ලක්‍ෂ දහයක්

සෑම ග්‍රාම නිලධාරි වසමකටම  රු. ලක්‍ෂ දහයක්

ගම නැගුම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ දහයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්ව සිටින පළාත් පාලන ආයතන නියෝජිතයන් හට මේ මුදල් ප්‍රතිපාදන ලබාදෙන බව අගමැති දි. මු. ජයරත්න මහතා පැවැසීය. මේ වන විට පළාත් පාලන නියෝජිතයන්ගෙන් යෝජිත ව්‍යාපෘති වාර්තා කැඳවමින් සිටින බවත්, ඊට අදාළ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීවේය.

යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ කැමැත්තට මූලිකත්වය දෙන ලෙස ඒ මහතා පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ධන කුවේරයන් ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය සෑම විටම කටයුතු කරමින් සිටින බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

රජය ක්‍රියාත්මක කරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බවද ජයරත්න මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා