මාලදිවයිනට දිගටම ශ්‍රී ලංකාවේ සහාය

කවුරුන් බලයට ආවත්

මාලදිවයිනට දිගටම ශ්‍රී ලංකාවේ සහාය

කවුරුන් බලයට පැමිණියද ලක් රජය තවදුරටත් මාලදිවයිනට සහයෝගය ලබාදෙන බව රජය අවධාරණය කරයි.

සමීප මිතුරෙකු වශයෙන් මාලදිවයිනේ සාමය ස්ථාපිත කිරීම, සශ්‍රීකත්වය සහ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ඉදිරියටත් ලබාදෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මාලදිවයිනේ සිදුවන දේශපාලන වෙනස්වීම් එහි අභ්‍යන්තර කටයුත්තක් ලෙස පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය දැනට පවතින වෙනස්කම සාමකාමී තත්ත්වයක් තුළ විසෙඳනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බවද කියා සිටී. මාලදිවයිනේ හිටපු ජනාධිපති ආචාර්ය මොහොමඞ් නෂීඞ් මහතා සිය ධුරයෙන් පෙරේදා (07) ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුර සඳහා එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඞ් වහීඞ් හසන් මහතා පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ අසල්වැසි රටක් ලෙස මාලදිවයින සමඟ ඇත්තේ දැඩි මිත්‍රත්වයක් බව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ හා මාලදිවයිනේ හිටපු ජනාධිපති ආචාර්ය මොහොමඞ් නෂීඞ් මහත්වරුන් දෙරටේ සබඳතා ශක්තිමන් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ බවද ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා