සෙවණගල දොස්තර ඇතුළු පවුලේ අයට වෛද්‍ය පරීක්ෂාවක්

සෙවණගල දොස්තර ඇතුළු පවුලේ අයට වෛද්‍ය පරීක්ෂාවක්

සෙවණගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි චාමින්ද විතාරණ, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට පෙරේදා (07) සවස ඇතුළත් කර තිබේ.

සෙවණගල රෝහලේ සුළු සේවකයකු විසින් වෛද්‍යවරයාගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා මෙලෙස වෛද්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙසේ රෝහල් ගතකර ඇත.

සෙවණගල රෝහලේ සහකාර වෛද්‍යවරයකු විසින් සුළු සේවකයාට මෙලෙස වස මිශ්‍ර කරන ලෙස උපදෙස් දුන් බව එම සුළු සේවකයා සෙවණගල පොලිසියට පවසා තිබේ. මේ වනවිට එම සහකාර වෛද්‍යවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෙවණගල පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා