මුද්‍රණය සඳහා

 
රාගම මිනීමරු කිඹුලා අල්ලයි

රාගම මිනීමරු කිඹුලා අල්ලයි

රාගම වනාතේ ප්‍රදේශවාසීන් මහත් භීිතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” තරුණයකු විසින් අටවන ලද උගුලකට ඊයේ 08 දා උදෑසන හසුවී තිබුණි.

පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් තිබූ මේ කිඹුලා, ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණි.

මෙම කිඹුලා අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබූ අතර, ඊයේ උදෑසන සිට මේ කිඹුලා දැක ගැනීමට ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් හා පාසල් සිසුන් ඇතුළු පනස් දහසකට අධික ජනතාවක් නොකඩවා පැමිණියහ. පසුව වන ජීවී දෙපාර්තමේන්තුවට මේ දැවැන්තයා බාරදීමට නියමිතව තිබුණි.

මේ අතර කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]