මුද්‍රණය සඳහා

 
මිනීමැරුම් නඩු 3ක විත්තිකරුවන් 6ක් පෝරකයට

මිනීමැරුම් නඩු 3ක විත්තිකරුවන් 6ක් පෝරකයට

කෑගල්ල මහාධිකරණයේ විභාග වූ මිනීමැරුම් නඩු 3 ක විත්තිකරුවන් හය දෙනකු පිළිබඳ නියෝග ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය සියලුම විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළාය.

මෙසේ මරණ දඬුවමට යටත් කරනු ලැබුවේ අරණායක පොලිසියේ පොලිස් කොස්තාපල් වරයකු වූ අනුරුද්ධ පුෂ්පකුමාර ජයතිලක මහතා 1994 මාර්තු 29 වැනි දින හෝ ඊට ආසන්න දිනක මරණයට පත්කිරීමට චෝදනා ලැබූ අරණායක පොලිස් වසමේ යූ. වී. අසංක, කේ. ඩී. සුගතපාල, චන්දන ශාන්ත ගුණවර්ධන සහ කේ. ඩී. ආරියරත්න නම් විත්තිකරුවන් හතර දෙනාට සහ රුවන්වැල්ල ප්‍රදේශයේ 1999 පෙබරවාරි 7 වැනි දින සෙල්ලමුත්තු කුබාරන් නමැති අයෙක් මරණයට පත්කිරීමට සම්බන්ධ සැකකරු වූ පෙරුමාල් පුණ්‍යමූර්ති නමැති චූදිතයකුට හා රුවන්වැල්ල පොලිස් වසමේ ප්‍රසන්න කෝසල සෝමරත්න නමැති අයකුගේ මරණය සිදු කිරීමට වරදකරු වූ අයි. ජී. ජේ. එස්. කුමාර නමැති අයකුටය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]