මුද්‍රණය සඳහා

 
දින පහට ලක්‍ෂ 18ක්

දින පහට ලක්‍ෂ 18ක්

අනුරාධපුරය ඔයාමඩුවේ පැවැත්වෙන හයවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ සියලු ඉලක්ක අභිභවා යමින් පස්වැනි දිනය වන විට 18 ලක්ෂය ඉක්ම වූ ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණ ඇත. පෙරේදා දිනයේ පැවැති මහ වර්ෂාව මධ්‍යයේ පවා ලක්ෂ 8ක ජනතාවක් ප්‍රදර්ශනය නරඹා ඇති අතර එය මෙවර එක් දිනකදී මෙතෙක් පැමිණි ඉහළම නරඹන්නන් සංඛ්‍යාව වේ. ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේ පැය පහක් තුළ 91000ක් ප්‍රදර්ශනය නරඹා ඇති බව දැයට කිරුළ ප්‍රදර්ශන සංවිධායක කමිටුවේ සභාපති, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

ලක්ෂ විස්සක ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණෙතැයි කලින් ගණන් බලා තිබුණ ද ප්‍රදර්ශනය නිම වීමට තවත් දින හතරක් ඉතිරිව තිබියදීම ඉලක්කය අභිභවා යාම සුවිශේෂී කරුණකි.

දැයට කිරුළ ප්‍රදර්ශන ඉතිහාසයේ මෙතෙක් පැමිණි ඉහළම නරඹන්නන් සංඛ්‍යාව මෙවර පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]