මරණ දැන්වීම්




ආචාර්ය පද්මා රත්නායක, විධායක අධක්ෂිකා -
දකුණු ආසියා සහයෝගිතා සංවිධානය, ආර්.එම්. රත්නායකගේ ආදරණීය භාර්යාව වූද, දිනිති හා චන්දන ගේ ආදරණීය මෑණියන් වූද, ආචාර්ය පද්මා රත්නායක මැතිණිය අභාවප්‍රාප්ත විය. දේහය 09 වන බ්‍රහස්පතින්දා පස්වරු 1.45 ට නිවසින් පිටත් වී "සැප්" කාර්යාලය වෙත රැගෙන යනු ලැබේ. ආදාහනය පස්වරු 4.00 ට බොරැල්ල කනත්තේදීය. 84-ඒ, 5 වන පටුමග, නාවල. 038457

එච්.ජී. ඇල්ප්‍රඩ් මහතා - (මාගාල්ල) ඇන්. ඩබ්. පී. ඩී. ලලිතාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, එච්.ජී. ඇල්මිලා රොෂාන්ති, ලෂිකා, කිිෂාන්ති, ලසිකා, රොෂාන් ගේ ආදරණීය පියාණන් වූද, ටී.එච්. වසන්ත, කේ. ඩබ්. සුසන්ත (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය - නෙතුවිල් ඩිපෝව) යන අයගේ මාමණ්ඩිය වූ ඇල්ප්‍රඩ් (චූටි) මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳව අවසන් කටයුතු 2012 පෙබරවාරි 09 දින මාගාල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් චාමර නිව්ස් ඒජන්සීස්, ගෝනපීනුවල. 037958

බර්නාඩ් පමේලා මාරි - ඇල්ෆ්‍රඩ් ෆීලික්ස් බර්නාඩ්ගේ (කලින් බ්ලූ ඩයමන්ඩ්ස් ජුවෙලරි වර්ල්ඩ්වයිඩ්) ආදරණීය භාර්යාව වූද, දිනේෂ්ගේ (ස්කොට්ලන්තය, එක්සත් රාජධානිය) ආදරණීය මෑණියන්වූද, නැසීගිය එස්.ටී. මාරියනායගම් සහ නවමනී තෙරේසා (වවුනියාව) යන අයගේ දියණියවූද, බෙනඩික්ට් තංගරාජාගේ (කැනඩාව) සොහොයුරිය වූද, බර්නාඩ් පමේලා මාරි අභාවප්‍රාප්ත විය. දේව මෙහෙය ඒ එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේදී පෙබරවාරි 11 වැනි සෙනසුරාදා ප.ව. 3.00 ට පවත්වා භූමදානය බොරැල්ල පොදු සුසාන භූමියේදී (රෝමානු කතෝලික කොටස) සිදු කෙරේ. 229, කලාප 1, මිලේනියම් සිටි, ජාඇල. අමතන්න. 077-6909531. 038274

සට්ටම්බිගේ එම්මානුවෙල් ක්ලෝඩ් ටයිටස් රුද්‍රිගෝ මහතා ස්වර්ගස්ථ වූ බව පවුලේ සාමාජිකයන් සොවින් දැනුම් දෙති. භුමදානය පිටකෝට්ටේ ශා. තෝමස් පල්ලියෙහිදී පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් පසුව එම සුසාන භූමියේදී සිදුකෙරේ. වේලාව පස්වරු 4.00 ට. 09/02/2012. කොහුවල ජයරත්න මල් ශාලාව සිට අවමඟුල් පෙරහැර පිටත්වේ. ටෙලි. 2854245. 038460

සෝමපාල මාන්නප්පෙරුම (විශ්‍රාමික ලේඛනාගාර නිලධාරි - ලේක්හවුස්) - නැසීගිය සුමනාවතී වීරසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, අනූෂා මාන්නප්පෙරුම (ලුහුඬු දැන්වීම් දෙපාර්තමේන්තුව - ලේක්හවුස්), අසිත මාන්නප්පෙරුම (අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක - ව්‍යාපාරික), මහින්ද මාන්නප්පෙරුම (ව්‍යාපාරික), චානුකා මාන්නප්පෙරුම (ඔකායා ලංකා - කටුනායක) යන අයගේ ආදරණීය පියාණන් වූද, මේජර් සුමිත් (ශ්‍රී ලංකා යුධ හමුදාව), අප්සරා, ඉරෝෂා, අසංක (එයිට්කෙන් ස්පෙන්ස්) යන අයගේ මාමණ්ඩිය වූද, ලේක්හවුස් ආයතනයේ විශ්‍රාමික ලේඛනාගාර නිලධාරී උදම්මිට කෝලවත්ත විසූ සෝමපාල මාන්නප්පෙරුම මහතා අවුරුදු 75 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු පෙබරවාරි 09 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට කෝලවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. අංක 5, පස්වන මාවත, කෝලවත්ත, උදම්මිට, වේයන්ගොඩ. 037886

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා