පුදුකුඩුඉරිප්පු-මුහුදුබඩපත්තු ප්‍රා. සභා ඡන්ද මාර්තු 24දා

පුදුකුඩුඉරිප්පු-මුහුදුබඩපත්තු ප්‍රා. සභා ඡන්ද මාර්තු 24දා

පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා මැතිවරණ මාර්තු මස 24 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දිනමිණට ඊයේ (08) පැවසීය. මේ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අදාළ ආයතන වෙත දන්වා යවා තිබේ. පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රදේශ ප්‍රාදේශීය ඡන්ද විමසීම ප්‍රමාද වීමට හේතු වූයේ එම ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත්කිරීම නිසා බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා