ඔබේ දරුවා වෙනුවෙන් සාරධර්ම පිරි රටක් ගොඩනඟන්න සූදානම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2012 ජනවාරි 07 දෙහිඅත්තකණ්ඩියේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

බස් වර්ජනය අවසන්

බස් ගාස්තුව 20%කින් ඉහළට

අවම ගාස්තුව රුපියල් 9යි

පෞද්ගලික බස් රථ හිමියන් විසින් පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ බස් රථ වර්ජනය ඊයේ (13) රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට බස් රථ සංගම් තීරණය කර තිබේ. ජාතික ප්‍රවාහන කොමිසම සහ බස් රථ සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළඹ ඇති අතර සියලු පෞද්ගලික බස් රථ අද සුපුරුදු පරිදි ධාවනය කිරීමට සංගම් එකඟතාවට පැමිණි බව එම කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා දිනමිණට පැවැසීය.

විස්තර »

බස්වලට ගල් ගැසූ 46ක් අත්අඩංගුවට

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (13) පැවැත්වූ වැඩ වර්ජනයට එරෙහිව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම සිය බස් ධාවන කටයුතු අඛණ්ඩව කරගෙන යාම නිසා කුපිත වූ පිරිස් ධාවනය වූ බස්රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කර බස් ධාවනයට බාධා කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් පුද්ගලයන් 46 දෙනකු මාතර, ජාඇළ සහ නාරාහේන්පිට දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

විස්තර »

ජනපති සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. එරට ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් මහතාගේ ආරාධනයකට අනුව සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සමඟ ද අගමැති ලී ෂියන් ලුන් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක කාර්යාලය පවසයි.

විස්තර »

ඉන්ධන සහනාධාරය ඊයේ සිට ක්‍රියාත්මකයි

මසකට කෝටි 190ක්

සහන අවශ්‍ය සියලු ක්ෂේත්‍රයන් සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය ඊයේ (13) සිට ක්‍රියාත්මක බව රජය අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා හා ධීවර බෝට්ටු හිමිකරුවන් වෙනුවෙන් මේ ඉන්ධන සහනය ලබාදීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් මාසිකව වෙන්කරන මුදල රුපියල් කෝට් 190 ක් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංගම, දුම්රිය, ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ධීවර බෝට්ටු හා විදුලිය නොමැති නිවාස ආදිය වෙනුවෙන් සහනය හිමි වෙයි.

විස්තර »

වර්ජනයෙන් මඟීන්ට දැඩි අපහසුතා...

රජයේ ඉන්ධන සහනාධාරයට
වසරකට රු. මිලියන 24,000ක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පොදු ජනතාවට සෙත සැලැසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන ඉන්ධන සහනාධාරය සඳහා වසරකට රුපියල් මිලියන විසිහතර දහසක් වැය වෙතැයි ගණන් බලා තිබේ. ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය. මේ ඉන්ධන සහනාධාරය පෞද්ගලික බස් රථ හිමියන්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් වෑන් රථවලට, ධීවර බෝට්ටු හිමියන්ට . . . .

විස්තර »

මිග් 27 පුහුණු යානයක් දුම්මලසූරියට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 පුහුණු යානයක් ඊයේ (13) දහවල් දුම්මලසූරිය ප්‍රදේශයට කඩා වැටී තිබේ. යානයේ ගමන් ගත් නියමුවා යානය කඩා වැටීමට පෙර පැරෂුටයක මාර්ගයෙන් දිවි ගලවාගෙන තිබේ.

විස්තර »

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් මාරියා ඔටෙරෝ මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (13) මුණගැසුණු අවස්ථාව.

ඡායාරූපය - උදේශ් ගුණරත්න

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
වැඩ වර්ජන සිසු අරගල සත්‍යග්‍රහ උද්ඝෝෂණ
මේ ඔක්කොම අන්තගාමී පිල්වල සම්භාෂණ
ආසියාවෙ අසිරිය දැක්මට නැතිරර දූෂණ
රටට ආදරය ඇති උන් කළ යුතුමය පෝෂණ