මිග් 27 පුහුණු යානයක් දුම්මලසූරියට කඩා වැටෙයි

මිග් 27 පුහුණු යානයක් දුම්මලසූරියට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 පුහුණු යානයක් ඊයේ (13) දහවල් දුම්මලසූරිය ප්‍රදේශයට කඩා වැටී තිබේ.

යානයේ ගමන් ගත් නියමුවා යානය කඩා වැටීමට පෙර පැරෂුටයක මාර්ගයෙන් දිවි ගලවාගෙන තිබේ.

ඊයේ දහවල් 1.30 ට පමණ එම සිද්ධිය වී ඇත. යානය කඩා වැටී තිබෙන්නේ දුම්මලසූරිය හැවන ප්‍රදේශයේ වත්තකට බව පොලීසිය සඳහන් කරයි.

මිග් 27 යානය ඊයේ පෙරවරුවේ කටුනායකින් ගුවන් ගතකර පුහුණුවීම්වල යෙදී සිටියදී යානය තුළ සිදුවූ කාර්මික දෝෂයකින් යානය පාලනය කරගත නොහැකි වෙද්දී නියමුවා ඉන් පැන ජීවිතය බේරාගෙන තිබේ.

ඔහුගේ ජීවිතයට කිසිදු හානියක් සිදු වී නොමැත. යානය සම්පූර්ණයෙන් ගිනි ගෙන තිබුණි. සිද්ධිය වීමත් සමඟ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කළහ.

දුම්මලසූරිය පොලිසිය වහාම යානය වැටුණු ස්ථානයට ගොස් එම ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් නියමුවාට ආරක්‍ෂාව සැපයීමටත් පියවර ගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා