කොටි පරාජය කිරීමේ පළිය ශ්‍රී ලංකාවෙන් ගන්න හදනවා

අමෙරිකා රජය දැන්

කොටි පරාජය කිරීමේ පළිය ශ්‍රී ලංකාවෙන් ගන්න හදනවා

එල්ටීටීඊ ත්‍රස්තවාදය විනාශ කිරීමේ පළිය ශ්‍රී ලංකාවෙන් ගැනීමට එරට රජය සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

අමෙරිකාව බලාපොරොත්තු වුණේ ත්‍රස්තවාදය මඟින් ශ්‍රී ලංකාව ඊශ්‍රායලයක් බවට පත් කර කලාපයම අස්ථාවර කිරීමට වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එය ව්‍යර්ථ වූ බව හෙතෙම පෙන්වා දෙයි. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ මෙවැනි යෝජනාවලට මෙරට ජනතාව බිය නොවන බවයි.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට අප රට අස්ථාවර කළ නොහැකි බවත් වීරවංශ මහතා වැඩිදුරටත් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා