‘වනිතා දෑතට සවියෙන්’ කතුන් 800කට වෘත්තීය පුහුණුව

‘වනිතා දෑතට සවියෙන්’ කතුන් 800කට වෘත්තීය පුහුණුව

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් අරඹා ඇති ‘වනිතා දෑතට සවිය’ වැඩසටහන යටතේ මේ වන විට පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23 ක කාන්තාවන් 800 කට වෘත්තීය පුහුණුව ලබා දී තිබේ.

මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 16, නුවරඑළිය 2ක් සහ මාතලේ 5ක් වශයෙන් මෙම ප්‍රා.ලේ. කොට්ඨාස 23 තෝරාගෙන තිබේ.

රැකියා විරහිත තරුණ කාන්තාවන් ආදායම් ඉපයීමේ මාර්ගයකට යොමු කිරීමත්, නිෂ්පාදන ක්ෂේත්‍රයට කාන්තාවන් සංවිධානය කිරීම සහ පළාතේ ආර්ථික සංවර්ධනය උදෙසා කාන්තා දායකත්වය වැඩිකරලීමත් මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වූ බව මධ්‍යම පළාත් කර්මාන්ත, ක්‍රීඩා, වනිතා කටයුතු ග්‍රාම සංවර්ධන, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අනුෂ්‍යා සිවරාජා මහත්මිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා