|
||
නිලූක ප්‍රබල සටනක් දී තායිලන්තයට පරදීචීන මැකාවෝ හි ඊයේ ආරම්භ වූ තෝමස් හා උබර් කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ දී නිලූක කරුණාරත්න ප්‍රබල සටනකින් තායිලන්තයේ බුන්සාක් පොන්සානා හමුවේ තරග වට 2 – 1 ක පරාජයක් ලැබීය.ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව 20 වැනි ස්ථානයේ සිටින බුන්සාක් සමඟ 63 වැනි ස්ථානයේ සිටින නිලූක 21 – 18, 8 – 21 ක් හා 22 – 20 ක් ලෙස තරගය නිමා කළේය. මේ තරගය මිනිත්තු 56 ක කාලයක් පැවැත්වුණි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්ත ක්‍රීඩකයන් සමඟ තරග 5 කට එක්වූ අතර එම තරග සියල්ල පරාජයට පත්වුණි. ලසිත මේනක 21 – 7, 21 – 15 ක් ලෙස තනොන් සාක් හමුවේ පරාජය වූ අතර රජිත දහනායක 21 – 9 හා 21 – 14 ක් ලෙස සුපන්යාහු හමුවේ පරාජය විය. යුගල තරගවල දී ලසිත මේනක හා සංකල්ප ගුණවර්ධන 21 – 11 හා 21 – 17 ක් ලෙස ද රජිත දහනායක හා හසිත චානක 21 – 6 හා 21 – 16 ලෙස පරාජයට පත්වුණි. කාන්තා තරගවලදී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර පැවැති තරග 5 ක් ද, ශ්‍රී ලංකාව පරාජයට පත්විය. චන්ද්‍රිකා ද සිල්වා 21 – 14 හා 21 – 8 ක් ලෙස තිළිණි ප්‍රමෝදිකා 21 – 9 හා 21 – 8 ක් ලෙස ලේඛා ෂෙහානි 21 – 17 හා 21 – 11 ලෙස ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වූහ. යුගල තරගවලට එක්වූ චන්ද්‍රිකා හා නදීශා ගයන්ත 21 – 16 හා 21 – 8 ක් ලෙස තිළිණි ප්‍රමෝදිකා හා කාවින්දි ඉෂන්දිකා 21 – 9 හා 21 – 11 ක් ලෙස පරාජය වූහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |