මුද්‍රණය සඳහා

 
සංඝමිත්තා නිවාස ක්‍රීඩා සූරතාව යශෝධරාවට

සංඝමිත්තා නිවාස ක්‍රීඩා සූරතාව යශෝධරාවට

කොළඹ 10 ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පසුගියදා (08) පැවැති අතර විදුහල්පතිනි තුෂාරි ද සිල්වා මහත්මියගේ ආරාධනයෙන් කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා චිත්‍රාංගනී ලුණුවිල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

“කය මනස සනසන කෙළි මඩල” තේමා කරගෙන පැවැති මෙම ක්‍රීඩා උත්සවයේ දී මහාමායා, යශෝධරා සහ ප්‍රජාපතී යන නිවාස තරඟ කළ අතර 2012 වසරේ නිවාසාන්තර ක්‍රීඩා සූරතාව යශෝ්ධරා නිවාසය හිමි කර ගත්තේ ය. අනු සූරතාව ප්‍රජාපතී නිවාසයට හිමි විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]