මුද්‍රණය සඳහා

 
පේරු රාජ්‍ය භීතියට පත් කළ ගරිල්ලා නායක අල්ලයි

පේරු රාජ්‍ය භීතියට පත් කළ ගරිල්ලා නායක අල්ලයි

වරක් පේරු රාජ්‍යභීතියට පත්කළ ෂයිනින් පාත් ගරිල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු පෙරේදා පේරු හමුදාව සමඟ ඇතිවූසටනකින්පසු ග්‍රහණයට ගැන්මට හමුදාව සමත්ව තිබේ.

සටනේදී ඔහු දරුණු ලෙස තුවාල ලත් බවද පැවසී තිබේ. ජනාධිපති ඔලන්ටා හියුමාලා විසින් කොම්රේඩ් ආටිමියෝ ලෙස අනුදත් ඔහුගේ මළසිරු ර හමුව ඇති බව මුලින් ප්‍රකාශ කළද පසුව ඇල්බර්ටෝ ඔටාරෝලා ඇමතිවරයා කියා ඇත්තේ ඔහු ජීවත්ව සිටින අතර ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවය

ඔහු දරුණු ලෙස තුවාල ලබා ඇති අතර දකුණු අත අහිමිව ඇති බවද සඳහන්ව ඇත. 47 හැවිරිදි ආටිමියෝ අල්ලා ගැනීම සඳහා නිරිත දිග පෝටෝ පිසානාහි ඇල්ටෝ හෝල්ලගා වනයේ වැටලීමක් කිරීමට හමුදාව පෙළඹී තිබුණේ ඉකුත් සතියේය .දශක දෙකක් තිස්සේ පලායමින්සිටි ඔහු අවසානයේ වනයේ කුඩා කුටියක රැකවරණය ලබා සිටියදී සොයා ගෙන තිබිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]