රැඟුම් පාලක මණ්ඩල පනත සංශෝධනයට පියවර

රැඟුම් පාලක මණ්ඩල පනත සංශෝධනයට පියවර

රැඟුම් පාලක මණ්ඩල පනත නැවත වරක් සංශෝධනය කිරීමට සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටී.බී. ඒකනායක මහතා තීරණය කර තිබේ. ඉදිරි දින කිහිපයේ දී නව පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කොට පාර්ලිමේන්තු පනතක් මඟින් සම්මත කරවා ගැනීමට දැනටමත් සියලු විධි විධාන යොදා ඇත. ප්‍රමිතියෙන් උසස් ටෙලිනාට්‍ය කලාවක් මෙන්ම ගීත කලාවක් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒම අරමුණු කරගනිමින් මේ පනත සංශෝධනය කෙරේ.

මේ අනුව ඉදිරියේදී යම් ටෙලිනාට්‍යයක් හෝ ගීතයක් නිර්මාණය කළ සැණින් ඒවා ප්‍රචාරය කළ නොහැකි වනු ඇත. අද පවතින තත්ත්වය මත එම නිර්මාණවලට කිසිදු බලපෑමක් කිරීමට රැඟුම් පාලක මණ්ඩලයට හැකියාවක් නොමැත. ඉදිරියේදී ටෙලි නාට්‍යයක් නම් එහි මුල් පිටපත රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතු අතර, ඉන්පසු රුඟුම් පාලක මණ්ඩලය එය ඒ.බී.සී. ලෙස වර්ගීකරණය කරනු ලබයි.

නාට්‍ය නිර්මාණය කිරීමෙන් අනතුරුව එය නැවත රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර, ඉන්පසු ලබාදෙන සහතිකය සමග නාලිකාවලට නාට්‍ය ඉදිරිපත් කළ හැකිය. ගීත පදමාලා ද මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතු අතර, සංගීතය සංයෝජනය කිරීමෙන් අනතුරුව නැවත සංගීතයේ උචිත අනුචිත බව සලකා බලා අනුමැතියෙන් පසුව ප්‍රචාරයට අවසර ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා