මුද්‍රණය සඳහා

 
ශ්‍රීපාද වන්දනා ගමනට සති අග සහ නිවාඩු දිනවල හැටන් දක්වා විශේෂ දුම්රියක්

ශ්‍රීපාද වන්දනා ගමනට සති අග සහ නිවාඩු දිනවල හැටන් දක්වා විශේෂ දුම්රියක්

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා සෙනසුරාදා ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි කොළඹ සිට හැටන් දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙයි. මැයි මස 6 වැනිදා දක්වා මෙම විශේෂ සේවාව පවත්වනු ලැබේ.

සෙනසුරාදා ඉරිදා දිනයන්හි පෙරවරු 9.15 ට කොළඹ කොටුවෙන් මෙම දුම්රිය පිටත්වන අතර පස්වරු 2 ට හැටන් වලට ළඟා වේ.

ආපසු රාත්‍රි 10 ට හැටන් වලින් පිටත්වන මෙම දුම්රිය පසුදා අලුයම 3.10 ට කොළඹ කොටුවට පැමිණේ. පෙබරවාරි 18, 19, 20, 25, 26 මාර්තු 3, 4, 10, 11, 17, 18, 24, 25, 31 අප්‍රේල් 1, 6, 7, 8, 21, 22, 28, 29 හා මැයි 4, 5, 6 යන දිනවල මෙම විශේෂ දුම්රිය තෙවන හා දෙවන පන්තියේ මැදිරි සහිතව ධාවනය කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]