ස්ත්‍රී පුරුෂ සමාජ භාවය: සාර්ක් ලේකම් කාර්යාලය දත්ත පද්ධතියක් සකසයි

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය:

සාර්ක් ලේකම් කාර්යාලය දත්ත පද්ධතියක් සකසයි

සියලුම රටවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සැකසීම සඳහා සාර්ක් ලේකම් කාර්යාලය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය (GENDER) පිළිබඳව කලාපීය වශයෙන් දත්ත රැස් කිරීම,දත්ත ගබඩා කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම, එම දත්ත භාවිතා කරමින් රටවල්් තුළත් අන්තර් ජාතිකවත් සංවර්ධන සැලසුම් සකස් කිරීම ආදී කාර්යයන් ඉටු කර ගැනීම මෙම දත්ත පද්ධතිය සැකසීමේ අරමුණ වෙයි.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව සාර්ක් ලේකම් කාර්යාලය විසින් සාර්ක් රටවල් දැනුවත් කිරීමෙන් අනතුරුව UNIFEM ආයතනය සමග එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත. දිළිඳුකම පිටු දැකීම ,සෞඛ්‍ය හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යන ප්‍රධාන තේමාවන් 03 කින් සමන්විත දත්ත සමුදාය සැකසීමට නියමිතය. මෙයට අදාළව කටයුතු කරන සාර්ක් කලාපීය රටවල නියෝජිතයන් ගේ 06 වන ප්‍රගති සමාලෝචන රැස්වීම ඉකුත්දා කොළඹ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය ඇමැති එම්.එල් .ඒ.එම්. හිස්බුල්ලාහ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා, අපේ සහශ්‍ර සංවර්ධන අරමුණු වන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා කාන්තා බලගැන්වීම ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව පැතිරවීම සඳහා ස්ත්‍රි පුරුෂ තොරතුරු පදනමක අවශ්‍යතාව ඉතා වැදගත් බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා