ඉල්මනයිට් ටොන් 5000ක් රු. මිලියන 186කට විකුණයි

ඉල්මනයිට් ටොන් 5000ක් රු. මිලියන 186කට විකුණයි

ඛනිජවැලි සංස්ථාව වාර්තාගත ගමනක

ලංකා ඛනිජ වැලි සංස්ථාව ඉතිහාසයේ වාර්තාගත විකුණුම් මිලක් සනිටුහන් කරමින් ඉල්මනයිට් ටොන් පන්දහසක් රුපියල් මිලියන 186කට පසුගිය සති අන්තයේ අලෙවි කළේය. ලංකා ඛනිජ වැලි සංස්ථා ඉතිහාසයේ වෙනසක් සිදුකිරීමට මේ අනුව තම අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බවත්, 2009දී රුපියල් මිලියන 239ක්ව තිබූ පුල්මුඩේ ඛනිජ වැලි සමාගමේ ලාභය 2011 වසර අවසන් වන විට රුපියල් මිලියන 7,000 දක්වා වැඩි කැර ගැනීමට හැකිවූ බවත් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා මහතා පවසයි.

රට ත්‍රස්තවාදයෙන් මුදාගැනීමත්, තම අමාත්‍යාංශයේ විවෘත ටෙන්ඩර් පටිපාටියත් මෙවැනි දැවැන්ත ලාභයක් ලැබීමට ඉවහල්වී තිබෙන බවත්, ඛනිජ වැලි කර්මාන්තය ඉදිරියේදී මීටත් වඩා දැවැන්ත විදේශ විනිමයක් රටට ලබා දෙන කර්මාන්තයක් බවට පත් කිරීමට සැලැසුම් සකස් කෙරෙමින් පවතින බවත් ඇමැතිවරයා පවසයි. කෝකිලායි ප්‍රදේශයට උතුරින් රුපියල් ලක්ෂ පන්සියයක පමණ වියදමින් නව යන්ත්‍රාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද එමඟින් මුලතිව් ප්‍රදේශයේ තරුණයන්ගේ රැකියා විරහිතභාවයට පිළිතුරක් ලැබෙන බවද හෙතෙම සඳහන් කරයි.

පරිසර හානියකින් තොරව දැනට කෙරෙන ඛනිජ වැලි විකිණීම එලෙසම කරගෙන යන අතර පුල්මුඩේ යාන්ඔය ප්‍රදේශය ආශි‍්‍රතව අක්කර පන්සියයක කර්මාන්ත පුරයක් ආරම්භ කරමින් විදේශ ආයෝජකයන්ට අවස්ථා උදා කර දීමද තම අමාත්‍යංශයේ ඉලක්කයක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා