මුද්‍රණය සඳහා

 
උද්ඝෝෂකයන්ගේ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් නිලධාරීහු පහළොවකට තුවාල

උද්ඝෝෂකයන්ගේ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් නිලධාරීහු පහළොවකට තුවාල

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු එජාප උද්ඝෝෂකයෝ ගල්මුල්වලින් පහර දීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් 15 දෙනකුට තුවාල සිදුවී ඇත.තුවාල ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු තිදෙනෙක් සිටිති.

බරපතළ තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

ඕල්කොට් මාවත අවහිර කරමින් උද්ඝෝෂකයින්ගේ හැසිරීම නිසා රාජකාරි නිමවී නිවෙස් බලා ගමන් ගන්නා මගීන්ගේ ගමන් පහසුව සැලසීමටත්, උද්ඝෝෂකයින් පලවා හැරීමටත් පොලිස් නිලධාරීහු දැඩි උත්සාහයක නිරත වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]