මරණ දැන්වීම්




ගුණපාල නාරංගොඩ මහතා -
වඳුරඹ පන්විල පදිංචිව සිට නැසීගිය කරුණා ලියනගේ ගේ ස්වාමි පුරුෂයාවූද නීතිඥ සමන් රේණුකා නාරංගොඩ ගේ පියාණන් වූද හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ගාමිණී කුලසිංහ ගේ මාමණ්ඩිය වූද තරුෂි (ගා / සවුත්ලන්ඩ් බාලිකා ශිෂ්‍ය) චරිත් සහ නිසල් (ගා /රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍ය) සීයා වූද ගුණපාල නාරංගොඩ මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 18 සෙනසුරාදා සවස 3.00 ට කුරුඳුවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ. දිවෙල්වත්ත හියාරේ, ගාල්ල. දු. ක. 091-4920153 / 091-4931795. 049983

නිමල් ගුණතිලක - ජයන්ති පෙරේරාගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූද ෂෙහාන් හා ලහිරුගේ ආදරණීය පියාණන් වූද නැසීගිය ඩබ්ලිව්. එස් පෙරේරා හා බී සිරිමාවතී පෙරේරගේ ආදරණීය බෑනනුවන් වූද ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙහි (NAITA) කථිකාචාර්ය වරයෙකු ලෙස සේවය කළ නිමල් ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2012 පෙබරවාරි මස 18 වන දින පස්වරු 6.00 ට උඩුමුල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. අංක 342, හිඹුටාන මුල්ලේරියාව නව නගරය. 049133

බර්ටි පෙරේරා - අංක 80, මහින්දාරාම පාර, ඇතුල්කෝට්ටේ විසූ පන්නිලගේ බර්ටි පෙරේරා මහතා 2012-02-14 දින අභාවප්‍රාප්ත විය. අවමගුල් කටයුතු 2012-02-18 දින පස්වරු 5.00 පැයට ඇතුල්කෝට්ටේ මාළිගාව පාර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මෙයට ශෝකයට පත් දරු කැළ. 046027

උඩගම, ප්‍රේමා - ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතාගේ දයාබර බිරිඳ වුද, ප්‍රීති, දීපිකා, සහ ජාලියගේ ආදරණීය මෑණියන් වූද, දයංගා සහ අඛිලගේ සදාදරණීය අත්තම්මා වුද, ප්‍රේමා උඩගම මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය බොරැල්ලේ පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සඳහා බොරැල්ලේ ජයත්න මල් ශාලාවේ සිට පෙබරවාරි 18 වන සෙනසුරාදා අපර භාග 2.30 ට පිටත් වේ. 050374

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා