මහර ආසන සංවිධායක ධූරය ගැන තීරණයක් නෑ

මහර ආසන සංවිධායක ධූරය ගැන තීරණයක් නෑ

එක්සත් ජාතික පක්ෂ මහර ආසන සංවිධායක ධූරය බාරගන්නේද නැද්ද යන්න පිළිබඳව තමා තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (16) සිරිකොත පක්ෂ කාර්යාලයේ දී නව සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කළද එම අවස්ථාවට සහභාගීවීමට ජයසූරිය මහතා පැමිණ සිටියේ නැත.ඒ සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ පත්වීම් ලිපිය ලැබීමෙන් පසු තමා ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවය.

වසර 04කට ආසන්න කාලයක් මහර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළද ඔහු දුරකථනයට පැමිණියේ නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා