මුද්‍රණය සඳහා

 
රඹුක්කන ප්‍රදේශයේ ගොයමට මී උවදුරු හා කීඩෑවන්ගෙන් හානි

රඹුක්කන ප්‍රදේශයේ ගොයමට මී උවදුරු හා කීඩෑවන්ගෙන් හානි

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල හා පින්නවල ගොවිජන සේවා බල ප්‍රදේශවල කුඹුරු යායවල් රැසකට මී උවදුරු හා කීඩෑවන් හානි කර ඇතැයි ගොවීහු පවසති. ගොයම් ගස් පීදෙන්න ආසන්නවත්ම මේ කීඩෑ උවදුරු පැතිර තිබෙන අතර ඇතැම් කුඹුරු යායවලට මීයන්ගෙන්ද හානි සිදුව තිබේ. වැරැල්ලපත, කිරිවල්ලාවෙල, හකුරුලියද්ද ප්‍රදේශවල ගොයමට මේ රෝගය බහුලව දක්නට ඇත.

එස්. එච්. සිරිමල් මහතා,

කීඩෑ උවදුරුවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මෙන්ම හානි වලට ලක්වෙන ඒවාට ආධාර දෙන වැඩපිළිවෙළක් සකස් කරනවා නම් ගොවිතැන් වගා කිරීමට පහසුයි. මී උවදුරෙන් ගොයම ආරක්ෂා කර ගන්න නොකළ දෙයක් නෑ. කෘමිනාශක ගෙනත් ගහනවා ඉවරයක් නෑ. බැරිම තැන මොකුත් නොකර අතහැර දැම්මා. මීයෝ කාල ඉතිරිවන දෙයක් ගෙට ගන්නවා.

එන්. එච්. සිරිමල් මහතා හානියට පත් කුඹුරුයාය පෙන්වමින්
ඡායාරූපය – රඹුක්කන උතුර සමූහ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]