මුද්‍රණය සඳහා

 
අසේල අනුස්මරණ ක්‍රිකට් අද-හෙට

අසේල අනුස්මරණ ක්‍රිකට් අද-හෙට

මාධ්‍යවේදී සංජය අසේල මතුරට අනුස්මරණ දීප ව්‍යාප්ත සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අද (18) සහ හෙට (19) කඩුගන්නාව නගර සභා ක්‍රී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

සංජය අසේල මතුරට මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ලබන 20 දාට වසරක් පිරීම නිමිත්තෙන් මෙම ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගෙන ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මෙහෙයවීමෙන් හා උපදෙස් මත කඩුගන්නාව “සදර්ලන්ඩ්” ක්‍රීඩා සමාජය මෙය සංවිධානය කරනු ලබයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]