මුද්‍රණය සඳහා

 
හෙට තරගයටත් ක්ලාක් නෑ

හෙට තරගයටත් ක්ලාක් නෑ

පාදයේ ආබාධයක් හේතුවෙන් ඊයේ සිඩ්නි හි ශ්‍රී ලංකාවට එරෙහි ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන’ ක්‍රිකට් තරගයට සහභාගි නොවූ ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ඉන්දියාව සමග හෙට බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගයටද සහභාගි නොවනු ඇත. “මගේ පාදයේ ආබාධය තවමත් තියෙනවා.

බ්‍රිස්බේන් තරගය සඳහා මාව තෝරා ගැනිම සැක සහිතයි” ක්ලාක් ඊයේ කියා සිටියේය. “පසුගිය දින කිහිපයේ මා පුහුණුවීම ගොඩක් කළා. කණ්ඩායමේ භෞතචිකිත්සක ඇලේක්ස් කොන්ටෝරිගේ මතය වී ඇත්තේ මා විවේක ගත යුතුයි කියලයි. නමුත් මම තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැහැ” ක්ලාක් කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]