මුද්‍රණය සඳහා

 
බලපත් නැති ගිනි අවි උණ්ඩ සමඟ තුනක් දැලේ

බලපත් නැති ගිනි අවි උණ්ඩ සමඟ තුනක් දැලේ

ගිරිබාව හා ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේදී පෙරේදා (16) සවස පොලිසිය මගින් බලපත් රහිත ගිනි අවි පහක් ජීව උණ්ඩ 11 ක් සමඟ සැකකරුවන් තුනක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව ගිරිබාව හෙබරව ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත අංක සීවීඒ 258 දරණ ග්ලොග් 17 වර්ගයේ පිස්තෝලයක් හා ඊට යොදාගත හැකි මිලි මීටර් 9 ය 19 වර්ගයේ පතරොම් 11 ක් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මගින් එදින සවස 5.30 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

එම අවිය ළඟ තබාගෙන සිටි එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]