මුද්‍රණය සඳහා

 
කොස්තාපල්ට කොන්දොස්තර පහර දීලා

කොස්තාපල්ට කොන්දොස්තර පහර දීලා

බස් රථයකදී සිදුවූ වචන හුවමාරුවකින් පසුව එහි ගමන් ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු කඳවුරේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන පෞද්ගලික බස් කොන්දොස්තර වරයකු ඊයේ (17) දහවල් මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් (39155) නිශාන්ත යන අය කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ, පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක නිලංග සංජීව සහ සැරයන් (32023) ගමගේ යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]