මහ මැතිවරණය කඩිනම් කරන්න මාල දිවයින් ජනපති එකඟ වෙයි

මහ මැතිවරණය කඩිනම් කරන්න මාල දිවයින් ජනපති එකඟ වෙයි

කල් ඇතුව මැතිවරණයක් පැවැත්වීමේ ඉල්ලීමට මාලදිවයින් නව ජනාධිපති වහීඩ් එකඟතාව පළකර තිබේ. ඉකුත් 7 දා එරට හිටපු ජනාධිපති බලයෙන් පහකිරීමෙන් පසු එහි පවත්නේ දේශපාලන නොසන්සුන් තාවකි. කෙ‍සේවෙතත් නව ජනාධිපතිගේ ප්‍රකාශක ඉමාද් මාසුද් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ කල්ඇතුව මැතිවරණයක් පැවැත්විම සඳහා නව රජය සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වන බවය.

ඒ සඳහා අවශ්‍යවන වාතාවරණය නිමැයීමට කටයුතු කරන බවද අවශ්‍ය වූවොත් ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා වුව යොමුවනු ඇති බවද රජයෙන් ප්‍රකාශ වී තිබේ. මීට කලින් වහීඩ් අදහස් කොට තිබුණේ සමගි රජයක් පිහිටුවා පසුව නියමිත කාලයෙන් පසු 2013 දී මැතිවරණයක් පැවැත්වීමටය. ඊට එක්සත් ජනපදයේද සහාය ලැබී තිබිණ. එක්තරා අන්දමකින් මේ මත වෙනස හිටපු ජනාධිපති නෂීඩ් ගේ ජයග්‍රහණයක් ලෙස සලකන්නේ නව රජය නොපිළිගන්නා බව දිගින් දිගටම කියා සිටි ඔහු හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතුයැයි ඉල්ලා සිටි බැවිනි.

දේශපාලන වියවුල මැද මාලදිවයි නේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මතායි ප්‍රකාශ කර ඇත්තේසියලු පක්ෂ වල එකඟතාව මත මැතිවරණයකට යොමුවීම යෙහෙකි බවය. තවද යළි ප්‍රචණ්ඩ ක්‍රියා පණ ගැන්වීමට ඉඩ තිබුණු ඊයේ පැවත්වීමට නියමිතව තිබූ නෂිඩ් ගේ ජන රැළිය ක් අවලංගු කිරීමට ඔහු සමග පැවති සාකච්ඡාවලින් පසු හැකිව තිබෙන බවද ඔහු කීය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා