මුද්‍රණය සඳහා

 
ඉරාන-ඇෆ්ගන්- පාකිස්තාන නායකයෝ හමුවෙති

ඉරාන-ඇෆ්ගන්- පාකිස්තාන නායකයෝ හමුවෙති

ඉරානය හා ඊශ්‍රායලය අතර නොසන්සුන්තා වර්ධනය වීමත් තලේබානුවන් සමඟ සාම ක්‍රියාවලියකට එළඹීමේ ප්‍රයත්නයත් මැද පාකිස්තානයේ පැවැත්වෙන කලාපීය සමුළුවකට සහභාගිවීමට පැමිණි ඉරාන හා ඇෆ්ගන් නායකයන් පාකිස්තාන නායකත්වය විසින් පෙරේදා පිළිගන්නා ලදී.

මේ සමුළුව සඳහා පෙරේදා පෙරවරුවේ ඇෆ්ගන් ජනාධිපති හමිඩ් කර්සායි පාකිස්තානයට පැමිණි අතර එය නව මසකදී ඔහු පාකිස්තාන සංචාරයකට එක්වූ දෙවන අවස්ථාව ලෙස හැඳින්වී තිබේ. ඉරාන ජනාධිපති මහමුද් අහමදීන් ජාඩ් එදින දහවල් ඉස්ලාමාබාදයට ළඟාවූ අතර අදාල සමුළුව ඊයේ පවත්වන බවත් ඉන්පසු ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් ප්‍රකාශ වී තිබිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]