එජාප උද්ඝෝෂණයේදී මහජන දේපළට හානි කළ හා පොලිසියට පහර දුන් අය සොයයි

එජාප උද්ඝෝෂණයේදී මහජන දේපළට හානි කළ හා පොලිසියට පහර දුන් අය සොයයි

එක්සත් ජාතික පක්ෂ උද්ඝෝෂණය අවස්ථාවේ පොලීසියේ 15 දෙනකුට පහර දුන් මහජන දේපළ විනාශ කළ පුද්ගලයන් හඳුනා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙදින වීඩියෝ ගතකළ ඡායාරූප හරහා එම පුද්ගලයන් හඳුනා ගැනීම දැනටමත් සිදුවෙමින් පවතින බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කීය. මෙසේ පුද්ගලයන් හඳුනාගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ නොතීසි නිකුත් කිරීම සිදු කෙරේ.

පසුගිය 17 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවැති එ. ජා. ප. උද්ඝෝෂණයේදී මහජන දේපළට විශාල වශයෙන් හානි සිදුකර තිබේ. පොලිසියටද පහර දී ඇත. එම ප්‍රහාරවලින් පොලිසියේ 15 දෙනකු තුවාල ලබා ඇත.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා