බියගම හෝටල් හිමියාගේ ඝාතනය ඉතා සැලසුම් සහගතව කළ එකක්

බියගම හෝටල් හිමියාගේ ඝාතනය ඉතා සැලසුම් සහගතව කළ එකක්

සාක්ෂි කිසිවක් ඉතිරිකොට නෑ

“බියගම විලේජ්” හෝටලයේ හිමිකරු ඝාතනයට පැමිණි පුද්ගලයා සාක්ෂි කිසිවක් ඉතුරු නොවන ආකාරයෙන් ඉතාම සැලසුම් සහගතව මේ අපරාධය සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. මේ ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (21) දිනමිණට පැවසීය.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ ඥාතීන් ඇතුළු විසිපස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, පොලිස් සුනඛයන් යොදවා ඒ ඔස්සේද තොරතුරු රැස්කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුන පියවර ගෙන ඇත. හැටපස් හැවිරිදි ආර්.ඊ.බී.ජයරත්න හෙවත් ‘සුරංගි මුදලාලි’ පෙරේදා (20) උදෑසන මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මන්නා පිහියකින් කොටා දැමීමෙනි. එහිදී ඔහුගේ ශරීරයට පිහි පහරවල් අටක් එල්ල කර තිබූ අතර නිවසෙහි සිටි මුරකාරියගේ දියණියටද සැකකරු විසින් මන්නා පිහි පහරක් එල්ල කර තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා