මුද්‍රණය සඳහා

 
යේමනයේ වසර 33ක‍ට පසු මැතිවරණයක්

යේමනයේ වසර 33ක‍ට පසු මැතිවරණයක්

යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සලේ‍ ගේ අවුරුදු 33ක පාලනය නිමාවට පත්කරමින් යේමන වැසියන් ඊයේ (අගහරුවාදා ) ඡන්ද පොළට යාමට නියමිත විය. මේ අනුව ‍ අරාබි වසන්ත විප්ලවයකින් අනතුරුව සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳාගත් ප්‍රථම රට බවට යේමනය පත්වේ.

ජනමත විචාරණයක ස්වරූපයෙන් යේමනයේ පැවැත්වෙන මෙම මැතිවරණයට ඉදිරිපත් වන්නේ සලේ රජයේ උප ජනාධිපති අබ්ද්‍රාබු මන්සූර් හාඩි පමණි. ප්‍රධාන පෙළේ විපක්ෂ පක්ෂ දෙකම මැතිවරණය වර්ජනය කිරීමට තීරණයකර ඇත . එනම් බෙදුම්වාදී දකුණු ව්‍යාපාරය සහ උතුරේ ෂයිටි කැරළිකරුවන්ය .


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]