මුද්‍රණය සඳහා

 
චැඩ් රාජ්‍යයේ දූෂණ මර්දන ඇමැති අල්ලස් දැලේ

චැඩ් රාජ්‍යයේ දූෂණ මර්දන ඇමැති අල්ලස් දැලේ

චැඩ් රාජ්‍යයේ දූෂණ මර්දන ඇමැති ආමද්යේ අල් හසාන් පෙරේදා අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අධිකරණ ආරංචිමාර්ගවලින් පැවසී තිබේ. එමගින් පැවසුනේ ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බැවින් රාත්‍රිය පොලිස් ස්ථානයේ ගත කරනු ඇතිබවය.

චැඩ් ජනාධිපති අයිද්‍රිස් ඩෙබි විසින් රාජ්‍ය ගුවන්විදුලිය මගින් කියවන ලද නියෝගයකින් අදාළ ඇමැතිවරයා ධුරයෙන් පහකරන ලදී. එම නියෝගයෙන් කියැවුණේ යහපාලනය හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඇමැති අල් හසාන් ගේ ඇමැති ධුරය අවසන් බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]