රනිල්ගේ අලුත්ම බණ

රනිල්ගේ අලුත්ම බණ

“ඉස්සර සිට ම අපේ ජනතාව විවිධ නිකායන්වලට බැඳී - සිටිනවා. එම නිකායන් ආරක්ෂා කිරීමටත් බැඳී සිටිනවා. අද රට තුළ එබඳු නිකායවල් තුනක් තියෙනවා. වංචාව, නාස්තිය හා දූෂණය එම නිකායවල් තුනයි. එම නිකායවල් තුනට කව්රුත් අයිතියි.

හැම කෙනෙක් ම කුමන හෝ නිකායකට ඇතුළත් වෙලා සිටිනවා. එතකොට මේ තත්ත්වය යටතේ අපට නිවන් දකින්ඩ බෑ. නිවන් දකින්ඩ පුළුවන් වෙන්නෙ ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් වූ දාට පමණයි.

එහෙම වෙන බවක් පෙනෙන්ඩ නෑ. අද අපේ ජනතාවට මේ නිකායවල් තුනේ පවු ගෙවන්ඩ සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුවේ දූෂණ නිකායවල්වල නායක හාමුදුරුවරු, අනුනායක හාමුදුරුවරු, සංඝනායක හාමුදුරුවරු හා තවත් හාමුදුරුවරු ඉන්නවා. මේ නායක හාමුදුරුවරු කවුරුන්දැ’යි ජනතාව ම සිතා - මතා කල්පනා කළ යුතුයි.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා