බියගම විලේජ් හිමිකරු ඝාතනය ගැන ළඟම ඥාතීන් දෙදෙනකු ගැන සැකයක්

බියගම විලේජ් හිමිකරු ඝාතනය ගැන ළඟම ඥාතීන් දෙදෙනකු ගැන සැකයක්

කැලණියේ ‘බියගම විලේජ්’ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් දෙදෙනකු පිළිබඳව සැක සිතිය හැකි තොරතුරු පොලිසියට ලැබී තිබේ. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරිකයාගේ අවමඟුල් උත්සවයට සහභාගි වී නොමැති අතර ඔහු පිළිබඳව සැකය වැඩි වශයෙන් යොමුවී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු ‘දිනමිණ’ට පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් හතලිහකට වැඩි පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ඊබර්ට් බර්නාඩ් ජයරත්න නැමැති මේ ව්‍යාපාරිකයා ඉකුත් 20 වනදා මෙලෙස නාඳුනන පුද්ගලයෙකු විසින් මන්නා පිහියකින් කපා කොටා ඝාතනය කර තිබුණි. මේ ඝාතන සඳහා පැමිණි පුද්ගලයා කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන පරිදි ඝාතනය සිදු කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා