තරුණියකට ඇසිඩ් ගහලා: බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති සැකපිට රිමාන්ඩ්

තරුණියකට ඇසිඩ් ගහලා: බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති සැකපිට රිමාන්ඩ්

දහඅට හැවිරිදි තරුණියකට ඇසිඩ් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල් සමරක්කොඩි යන අය ලබන 2 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර කේ. බණ්ඩාර මහතා නියෝග කළේය.

ඉකුත් 23 වෙනි දින උදෑසන බඩල්කුඹුර බුත්තල පාරේ පදිංචි තරුණියකට ඇසිඩ් ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කැර තිබුණි. ඇසිඩ් ප්‍රහාරයට ලක්වු තරුණිය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකරු ඇසිඩ් ප්‍රහාරයට ලක්වු තරුණියත් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව ද ඔහු විවාහක දරුවන් සිටින හතළිස් පස් හැවිරිදි පුද්ගලයකු බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා