කතුන්ගේ රන්මාල කැඩූ සැකකරු අල්ලයි

කතුන්ගේ රන්මාල කැඩූ සැකකරු අල්ලයි

සොරා ගත් යතුරුපැදියකින් ගොස් කතුන්ගේ රන්මාල කොල්ල කෑ පුද්ගලයකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස නොවිසඳුණු නඩු විමර්ශන ඒකකය කියයි.

යතුරුපැදියකින් යන අතර පොලිසිය දැක පනිරෙන්ඩාව වන රක්ෂිතයට පලා යාමට තැත් කළ විට මෙම සැකකරු කොටුකර ගෙන තිබුණි. හලාවත පොලිස් අධිකාරි එස්. ඩී. ඒ. සී. කේ. රණසිංහ නොවිසඳුණු අපරාධ නඩු මෙහෙයුම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරි ඊ. එස්. දයාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා