|
||
පැහැරගත් වේලායුධන් අධිකරණයට ඉදිරිපත් කරන්නඅභියාචනාධිකරණයට පෙත්සමක්
අලුත්කඩේ මහාධිකරණය ඉදිරිපිටදී පැහැරගත් බව පැවසෙන වේලායුධන් මතියාස් චන්ද්‍රපාල නැමැත්තා කොතැනක හෝ සිටින ස්ථානයකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා හබයාස් කෝපුස් පෙත්සමක් අභියාචනාධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කර තිබේ. පැහැර ගැනීමට ලක්වු පුද්ගලයාගේ බිරිය වන කැලණිය, පට්ටිය හන්දියේ පදිංචි වේලායුධන් රමණී මෙහි පෙත්සම්කාරිය වේ. පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බළකායෙහි ප්‍රධානියා, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, යුද හමුදාපතිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මෙහි වගඋත්තරකරුවන් වෙති. පෙත්සමෙහි දැක්වෙන පරිදි වේලායුධන් මතියාස් චන්ද්‍රපාල නැමැත්තා වැලිකඩ බන්ධනාගාරයෙහි සිට නඩුවක විත්තිකරුවකු ලෙස පෙනී සිටීමට කොළඹ මහාධිකරණය වෙත ඉකුත් පෙබරවාරි මස දහතුන් වැනිදා බන්ධනාගාර නිලධාරින් රැගෙන විත් තිබේ. එම නඩුවේ දී කළ ඇප ඉල්ලීමකට අවසර දුන් මහාධිකරණය ඔහු ඇප මත මුදාහැරීමට නියම කෙළේය. පෙත්සම්කාරිය සහ ඇගේ දියණිය එම ස්ථානයෙහි සිටි බව පෙත්සමෙහි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිළි කළ අතර වෑන් රියෙහි අංකයද ලබා දී තිබේ. එහෙත් මෙතෙක් පැහැර ගැනීමට ලක් වු තැනැත්තා ගැන කිසිදු තොරතුරක් නැතැයි පෙත්සම්කාරිය කියයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |