ඊජිප්තු ජනපති අපේක්ෂකගේ රිය පැහැර ගැනීමේ තැත වරදී

ඊජිප්තු ජනපති අපේක්ෂකගේ රිය පැහැර ගැනීමේ තැත වරදී

ඊජිප්තුවේ කයිරෝහි දී පෙරේදා රාත්‍රියේ සිදුවූ මෝටර් රථ පැහැර ගැන්මකදී එරට ජනාධිපති අපේක්ෂකයකු තුවාල ලබා ඇති බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාර කළමනාකරු හා පොලීසිය ප්‍රකාශකර තිබේ.

කයිරෝවේ වටරවුම් මාර්ගයේදී සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු විසින් ජනාධිපති අපේක්ෂක අබ්දුල්මෝනියම් අබ්දුල් ෆෝටෝ ගේ මෝටර් රිය පැහැරගෙන ඇති අතර එහිදී ඔවුන්ගේ පහරකට ලක්ව ඔහු සිහිසුන්ව තිබෙන බව මැතිවරණ ව්‍යාපාර කළමානකරු අලි අල් භානාසවි කියා ඇත.

‍ මේ සිද්ධියේදි ‍ෆෝටෝ ඔහුගේ රියැදුරා බේරාගැන්මට දරන ලද ප්‍රයත්නයේදි කොල්ලකරුවන් විසින් ඔහුගේ හිසට තුවක්කු මිටෙන් පහරදී ඇත. මෙහිදී ඔහු පමණක් නොව ඔහුගේ රියැදුරාද තුවාල ලබා තිබේ.

මේ කොල්ලකෑම සිදුව ඇත්තේ ඔහු මැතිවරණ ව්‍යාපාරයේ යෙදී ආපසු එද්දීය. අබ්දුල් ෆො‍් ටෝ, ප්‍රබල මුස්ලිම් සහෝදරත්ව ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ  සාමාජිකයකු වන අතර ජූනි මස අග පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙනී සිටින අපේක්ෂකයන් අතරින් වඩාත් ජනප්‍රිය පුද්ගලයකු ලෙස සැලකේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා