කළු බළල් කඳවුරක් මුම්බායි හි පිහිටුවයි

කළු බළල් කඳවුරක් මුම්බායි හි පිහිටුවයි

ත්‍රස්ත මර්දන විශේෂ බළ ඇණි සඳහා මුළුමනින්ම සන්නද්ධ ‍කේන්ද්‍රීය කඳවුරක් මුම්බායි හි පෙරේදා විවෘත විය .පුද්ගලයන් 166 දෙනකු ඝාතනය වුණු මුම්බායි හි ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් තෙවසරකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසු මෙසේ මේ කේන්ද්‍රීය කඳවුර අරඹා ඇත.

මුම්බායි හි උතුරු ප්‍රදේශයේ මාරොල් හි ඇරඹුණු ජාතික ආරක්ෂක නියාමකයන් සඳහා වන නව ස්ථිර කඳවුර ඉන්දීය ස්වදේශ කටයුතු‍ ඇමති පී චිදම්බරම් විසින් විවෘත කරන ලද අතර ඉන් ආරක්ෂ ක බළකායන්ගේ ප්‍රතිචාර කාලය‍ බෙහෙවින් අඩුකිරී ම අරමුණු වී ඇතැයි ප්‍රකාශ වී තිබේ.

මේ අනුව 2009 දී පිහිටුවන ලද තාවකාලික කඳවුර මාරෝල් හි හෙක්ටෙයාර 9 ක භුමිභාගයට විතැන් කෙරෙන අතර ජාතික ආරක්ෂක නියාමක කොමාන්ඩෝ භටයන් 250 කට එහි ඉඩකඩ සැලසේ. මෙවන් කේන්ද්‍රීය කඳවුරු කල්කටාවේ හා චෙන්නායි හිදී මෙන්ම හයිද්‍රබාද් හිදී ද විවෘත කර ඇත..

මේ ජාතික ආරක්ෂක නියාමකයින් “කළු බළලුන් “ ලෙස හැඳින්වෙන අතර ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවේ විශේෂ ගුවන් සේවා බළකාය හා ජර්මනියේ ජීඑස්ජී -9 නම් බළකාය අනුව පුහුණු කරන ලද පිරිසකි. 2008 මුම්බායි ප්‍රහාරයෙන් පසු මෙවන් බළ කදවුරු පිහිටුවන බවට ඉන්දීය රජය ප්‍රකාශ කර තිබුණේ එම ප්‍රහාරයේදි කොමාන්ඩෝ භටයන්ට එහි ළඟාවීමට පැය 10 ක් ගතව තිබුණු බැවිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා