ඉරාකයේ බෝම්බ පිපිරීම් පිටුපස අල්කයිඩාව

ඉරාකයේ බෝම්බ පිපිරීම් පිටුපස අල්කයිඩාව

ඉරාකයේ පෙරේදා සිදුවූ ප්‍රහාර රැල්ලකින් පුද්ගලයින් 42 නෙකු ඝාතනය වී ඇති අතර එම ප්‍රහාර මාර්තුමස පැවැත්වීමට සැලසුම් කර ඇති අරාබි ලීග සමුළුව කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක් බව ඉරාක පාර්ලිමේන්තු කතානායක වරයා ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අල්කයිඩා සංවිධානයට චෝදනා එල්ලවී ඇත. ආරක්ෂක නිලධාරීන් හා වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රහාරවලින් 250 කට වැඩිපිරිසක් තුවාල ලබා ඇති බවය. පළාත් 6 ක දී මේ ප්‍රහාරයන් එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් වු නිවේදනයක දැක්වෙන්නේ ත්‍රස්තවාදී අල්කයිඩා සංවිධානය තවමත් ඉරාකයේ ක්‍රියාත්මක බවත් අගනගරයේ පමණක් නොව වෙනත් නගරවල හා ලොකු කුඩා ඕනෑම ප්‍රදේශයකදී ප්‍රහාර එල්ලකිරීමේ හැකියාවෙන් යුක්ත බවත් ඔවුන්ගේ ආධාරකරුවන්ට තහවුරුකිරීමේ අදිටනින් මේ ප්‍රහාර එල්ල කරන බවය.

මේ ප්‍රහාර වලදී රිය බෝම්බ 16 ක් පමණ හා මාර්ගා සන්න බෝම්බ 8 ක් පමණ යොදාගෙන ඇති අතර ඊට අමතරව මෝටාර් ප්‍රහාර හා වෙඩිතැබීම්ද සිදුව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා